Gossips

සියල්ලන්ට අමතක වූ යුද්ධයේ අමිහිරි මතකය දේශයේ නාමයෙන් මිහිඳු කියාදෙයි

මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇති යුද්ධයේ බිහිසුණු තැනින් ඇරඹී අවසන් වන අමුතුම වීඩියෝවක් වෙත බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අපූරු රූප රචනාව නිමවෙන්නේ ශ්‍රී ලංකාවේ රූප රචනා කලාව වෙනත් මානයකට රැගෙන යාමේ පෙරගමන්කරුවෙකු වන ලක්ෂාන්ගේ ඇසින් වීම විශේෂත්වයක්.
හැමදාමත් වඩාත් ආකර්ෂණීය නිර්මාණයකින් රසික හදවත් සනසාලන මිහිඳුගේ රචනයෙන්, තනුවෙන්, ගායනයෙන්, බිහිසුණු මතකයක හැඩතල ප්‍රේක්ෂකයා වෙත සියුම්ව ගෙනයන්නේ අපූර්වත්වයකින්.
මේ අපූරු රූප රචනාවේ කළා අධ්‍යක්ෂණය සිදුවන්නේ තුෂාර කළුබෝවිලගේ අතින්.
නිර්මාණය වඩාත් සොඳුරු කරමින් සියල්ලන්ට අමතක් වූ යුද්ධයේ අමිහිරි මතකය "දේශයේ නමින්" මෙලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ ලක්ෂාන් එදිරිසිංහගේම අධ්‍යක්ෂණයෙන්.
මෙම නිර්මාණයේ සහය අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ රොෂාන් විමලසේන විසින්.
නව පරපුරේ විවේචනාත්මක රූප රචනා කලාව තුල වෙනස් මගක් ගත් අපේ කාලයේ සොඳුරු නිර්මාණවේදීන්ගේ අතින් නිමවුණු අපේ කාලයේ විරුවෙකුගේ ඒ සංවේදී මතකය පහතින්.