තමා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතරින් සුදුසුම පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා.
රත්නපුර – බලංගොඩ ප්‍රදේශයේ ඊයේ (21) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
