වෝන් – මුරලි කුසලාන ශ්‍රී ලංකා –  ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා. 
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය දිවා – රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමද විශේෂත්වයක්. 
තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ තරග ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමෙන් ක්‍රියාකිරීමට කණ්ඩායම සූදානම් බවයි.



