Gossips

සියයට 2 කින් බස් ගාස්තු අඩු කිරීමට බස් සංගම් එකඟවේ

සියයට 2 ක ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩුකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබන හත්වනදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ සාමාන්‍ය සහ සුඛෝපභෝගී යන සියලූ සේවා සඳහා මෙම අඩු කිරීම සිදුකිරීමට සිය සංගමයේ විධායක සභාව තීරණය කර ඇති බවයි.
මේ අතර, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ සිය සංගමයද සියයට 2 ක බස් ගාස්තු අඩු කිරීමක් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.