Gossips

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා රිය අනතුරකට ලක්වෙයි (ජායාරූප)

මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ කැබ් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද(02) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා ගමන් ගත් කැබ් රථයක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ ප්‍රාදේශීය ලේකම්වරයා සහ ඔහුගේ රියදුරා සියඹලාණ්ඩුව මූලික රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබනවා.
බස් රථයේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සියඹලාණ්ඩුව පොලිසිය අනතුර පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ජායාරූප – මොණරාගල ජයන්ත වීරසේකර)