Gossips

සියඹලාණ්ඩුවේදී ගුරුවරයෙකුගේ පහරදීමකින් සිසුවියක් රෝහලේ

ගුරුවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් සියඹලාණ්ඩුව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 03 ශ්‍රේණියේ සිසුවියක් රෝහල්ගත කර තිබෙනවා.
සියඹලාණ්ඩුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කළ බවයි ඇයගේ දෙමව්පියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පාසලේ ඉගෙනීමේ කටයුතු සඳහා යොදා ගන්නා ගණක රාමුවක් රැගෙන ආ නොමැති බවට පවසමින් අදාළ ගුරුවරයා විසින් ඇයට පහරදී ඇත්තේ.
පහරදීමට පෙර ගුරුවරයා විසින් අදාළ සිසුවිය දණ ගස්වා ඇති බවටද ඇයගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් දෙමව්පියන් සියඹලාණ්ඩුව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.
පහරදීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සියඹලාණ්ඩුව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගෙන්ද විමසීමක් කිරීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.