Gossips

සියදිවි නසා ගැනීමට කාන්තාවක් දුම්රියට පනී (ඡායාරූප)

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
අද දහවල් වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු දුම්රියට මෙම කාන්තාව පැන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරින් ඇය බරපතල තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කර ඇත්තේ මෙම කාන්තාව වව්නියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි.
ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැහැ.
මෙම කාන්තාව පැමිණෙමින් තිබු දුම්රිය ඉදිරියට දිව යන ආකාරයක් තමන් දුටු බව අනතුර ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශකර තිබෙනවා.
දුම්රිය පැමිණීමට පෙර බොහෝ වේලාවක් මෙම කාන්තාව දුම්රිය මාර්ගය අසල රැඳී සිට ඇති බව ද සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශකර තිබෙනවා.
එහිදී දුම්රිය සේවකයෙකු එලෙස රැඳී සිටීමට හේතුව ඇයගෙන් විමසා ඇතැයි සඳහන්.
අනතුරුව මෙම කාන්තාව ප්‍රකාශකර ඇත්තේ තමාගේ හිතවතෙකු පැමිණෙන තෙක් රැඳී සිටින බවයි.
මෙම සිද්ධිය පිළිබඳ වව්නියාව පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.


ඡායාරූප – වව්නියාව මාධව කුලසුරිය