Gossips

සිමෙන්ති මිල ඉහළ යයි

දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහල නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී තිබෙනවා.
එහි සභාපති හසිත තිලකරත්න හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පසුගිය බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් ඉහල නැංවීමට අවසර ලබාදුන් බවයි.
ඒ අනුව රුපියල් 930ක්ව පැවති කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960ක් වනු ඇති.
සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනුයි දේශිය සමාගම් මෙලෙස මිල වැඩිවීමක් ඉල්ලා ඇත්තේ.