Gossips

සිම්බාවේ මැතිවරණ ගැටුම් උග්‍ර වෙයි ජාත්‍යන්තරයෙනුත් ඉල්ලීමක්

මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ අගනුවර පශ්චාත් ප්‍රචන්ඩ ක්‍රියා උග්‍ර වෙමින් පවතිනවා.
මෙම ප්‍රචන්ඩ ක්‍රියා පාලනය කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ලෝක නායකයින් රැසක් එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මහ මැතිවරණය දූෂිත එකක් බව පවසමින් විපක්ෂ ක්‍රියාකාරීන් දිගින් දිගටම විරෝධතාවල නිරත වන අතර මේ නිසා ඇති වූ ගැටුම්වලදී පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.