Gossips

සිම්බාබ්වේ විපක්ෂ නායකවරයා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ

සිම්බාබ්වේ විපක්ෂ නායක මෝගන් ස්වැංගිරායි අසාධ්‍ය තත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට ඇතුලත් කර තිබෙනවා.
පවුලේ සාමාජිකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ 65 හැවිරිදි හිටපු අගමැතිවරයෙකු ද වන වත්මන් විපක්ෂ නායකයා බඩවැල් ආශ්‍රිත පිළිකාවකින් පීඩා විඳින බවයි.
මෙම පිළිකාව හේතුවෙන් බර අඩුවීම, අධික වෙහෙස සහ මස් පිඩු දුර්වල වීම වැනි රෝගී තත්වයන්ට විපක්ෂ නායකවරයා ලක්ව සිටිනවා.
සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේට එරෙහි දේශපාලන අරගලයේදී මෝගන් ස්වැංගිරායි අවස්ථා කිහිපයකදී පහරදීම්වලට ලක්වු අතර අවස්ථා කිහිපයකදී සිරගත වීමට ද සිදුවුනා.
පසුගිය ජුනි මාසයේ සිට අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායකවරයා රෝහල් ගතකර සිටි අතර අවසන් වරට රෝහල් ගතව සිට නිවෙසට ගොස් තිබුනේ පසුගිය ජනවාරි මාසයේදීයි.
කෙසේවෙතත් පසුගිය සඳුදා සිට ඔහුගේ සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරෙමින් ඇතැයි පවුලේ සාමාජිකයන් ප්‍රකාශකර තිබෙනවා.