Sports

සිම්බාබ්වේ පිලට එරෙහිව බංග්ලාදේශය ලකුණු 91කින් ජය ගනී

සිම්බාබ්වේ පිලට එරෙහිව බංග්ලාදේශය ලකුණු 91කින් ජය ගනී
සිම්බාබ්වේ පිලට එරෙහිව බංග්ලාදේශය ලකුණු 91කින් ජය ගනී

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 91කින් පාරජය කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම රැස් කළ ලකුණු 217ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 36යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 125ක් පමණි.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් අනාමුල් හක් හා තමිම් ඉක්බාල් ඉනිම ආරම්භ කළේ ය.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 6 කට සීමා කරමින් අනාමුල් හක් පිටියෙන් ඉවත් වූයේ එක් ලකුණකට ය.

ශකීබ් අල් හසන් ලකුණු 51ක් රැස් කර තිබේ.

ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 76 කි.

බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකිවී නොමැත.

ග්‍රැම් ක්‍රිමර් ලකුණු 32ට කඩුලු 4ක් දවා ගත් අතර කයිල් ජාවිස් ලකුණු 42ට කඩුලු 3කි.

බංග්ලාදේශය පන්දුවාර 50ක් අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස් කළේ ය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළේ හැමිල්ටන් මසකඩ්සා සහ සොලමන් මයර් ය.

හැමිල්ටන් මසකඩ්සා ලකුණු 5කට දැවී ගියේ ය.

මයර් ලකුණු 7කට දැවී ගිය අතර බ්‍රෙන්ඩන් ටේලර්ට ලකුණු රැස් කිරීමට හැකි වුයේ නැත.

ක්‍රෙයිග් අර්වින් ලකුණු 11කි.

සිම්බාබ්වේ මුල් පෙළ කඩුලු 6 ලකුණු 68කදී බිඳ වැටිණි.

සිකන්දර් රාසා ලකුණු 39 කි.

ශකිබ් අල් හසන් ලකුණු 34ට කඩුලු 3ක් දවා ගත්තේ ය.