සිම්බාබ්වේ සමඟ පැවති තුන්වන එක්දින ක්රිකට් තරගය ජයගැනීමට පාකිස්ථානය ඊයේ සමත්වුණා.
ඒ අනුව තරඟ 05කින් සමන්විත එක්දින තරගාවලිය තුනට බින්දුවක් ලෙස දැනටමත් පාකිස්තානය ජයගෙන අවසන්.
පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත්තේ ලකුණු 67 ක් පමණයි.
පාකිස්තානය ජයග්රාහි සීමාව පසුකර ගියේ පන්දුවාර 9යි පන්දු 05ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදීයි.