ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව පවතින විරෝධතා උත්සන්න වීමත් සමඟ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවා, ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි නොවී යළි සිය රටට පැමිණ තිබෙනවා.
එරට විපක්ෂය විසින් සංවිධාන කර ඇති මෙම විරෝධතාවලදී ආරක්ෂක අංශ සමඟ ඇතිවූ ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස්, තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.