Gossips

සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගළවා ගනී

බුලවායෝ නගරයේ ඊයේ පැවති ජන රැළියකදී සිම්බාබ්වේ නව ජනපති එමර්සන් මනන්ග්වා බෝම්බ ප්‍රහාරයකින් අසීරුවෙන් දිවි ගළවා ගත් බව විදෙස් වාර්තා සඳහන් කළා.
ජනපතිවරයා සිය ආධාරකරුවන් අමතා වේදිකාවෙන් නික්ම යද්දී පිපිරීම සිදුව ඇත්තේ ඔහුට ආසන්නයෙන්.
කෙසේ නමුත් ජනපති මනන්ග්වාට ඉන් හානියක් සිදු නොවූ අතර ආරක්ෂකයන් විසින් ඔහු ඉවතට රැගෙන යනු ලැබුවා.
සිද්ධියේදී පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
කෙසේ නමුත් තුවාල ලැබූ සංඛ්‍යාව ඊට වඩා ඉහල අගයක් විය හැකි බවයි ඇතැම් මාධ්‍ය සඳහන් කළේ.
ජනපති මනන්ග්වා බලයට පැමිණියේ සිම්බාබ්වේ රාජ්‍යය දශක ගණනාවක් පාලනය කළ රොබට් මුගාබේ බලයෙන් පහකරමින්.