Gossips

සිම්බාබ්වේ ක්‍රිකට් නිලධාරියෙකුට වසර 20 ක තහනමක්

සිම්බාබ්වේ පළමු පෙළ ක්‍රිකට් නිලධාරියෙකු වන රාජන් නයාර්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර 20 ක තහනමක් පනවා තිබෙනවා.
ඒ අනුව ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු ක්‍රියාකාරකම්වලට සහභාගී වීම තහනම් වන බවයි ක්‍රිකට් පුවත් සේවා කියාසිටියේ.
ජාත්‍යන්තර මට්ටමේ තරගයකට අනිසි බලපෑම් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිම්බාබ්වේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක නායකයෙකු වන ගේ‍්‍රම් ක්‍රිමර්ට අමරිකානු ඩොලර් 30000 ක මුදලක් ලබාදී නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ බවට රාජන් නයාර්ට චෝදනා එල්ලවී තිබෙනවා.
සිම්බාබ්වේ නායකයා මේ සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර තිබුනා.
ඒ අනුවයි සිද්ධියට අදාළව විමර්ශණ ආරම්භ කෙරුනේ.
මෙම කාලසීමාවේ හරාරේ මෙට්‍රොපොලිටන් ක්‍රිකට් සම්මේලනයේ භාණ්ඩාගාරික ලෙසට සහ අලෙවි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසටයි රාජන් නයාර් සේවය කරමින් සිටියේ.
එල්ලවී ඇති සියලු චෝදනා ඔහු පිළිගෙන තිබෙනවා.
වසර 20 ක තහනම බලපැවැත්වෙන්නේ පසුගිය ජනවාරි 16 වනදා සිටයි.