Gossips

සිනමාව උඩුයටිකුරු කළ සුපිරි නළුවා හදිස්සියේ ඇතිවූ හෘදයාබාධයකින් රෝහලට

සිනමාවේ සුපිරි වීරයා ලෙස හඳුන්වන සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් හදිසියේ හදවත් සැත්කමකට ලක්කළ බව පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම පුවත සැලවීමත් සමඟ කම්පාවට පත්වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ හදවත් වලට සැනසුමක් ගෙන එන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ ඔහුගේ සෞඛ්‍ය තත්වය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවයි.
ඇමෙරිකාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම විවෘත හදවත් සැත්කම හදිස්සියේම සිදුකළ බවයි.
කෙසේ වෙතත් එය කලක් තිස්සේ සැලසුම් කළ එකක් බවයි අර්නෝල්ඩ්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඔවුන් පවසන්නේ අර්නෝල්ඩ්ට හෘද රෝගයක් ඇතිබව 1997 වසරේ දැනගත් බවත් එයට දිගින් දිගටම ප්‍රතිකාර කළ බවත්ය.
වසර 2003 සිට 2011 දක්වා කාලය තුල ඇමෙරිකාවේ කැලිෆෝනියා හි ආණ්ඩුකාර ධුරය හෙබවූවා.
ඔහු එම තනතුර හොබවන කාලයේ සිනාමාවට විරාමයක් ලබාදී නැවත 2011 වසරේ සිට ක්‍රියාදාම චිත්‍රපට රැසකට එක්වූවා.
70 හැවිරිදි වියේ පසුවන අර්නෝල්ඩ් පසුගියදා සැත්කමට මුහුණදීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ "මම යළි ජීවය ලැබුවා" යනුවෙනුයි.
ඔහුගේ සැත්කම සිදුකර ඇත්තේ ලොස් ඇන්ජලීස් හිදීයි.
එහිදී රුධිර නාලයක් ඉවත්කර සක්‍රීය නාලයක් බද්ද කිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආර්නෝල්ඩ් සැත්කම සිදුකිරීමෙන් අනතුරුව මේ වනවිට හොඳ මානසික සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි.