Gossips

සිදුවූ දේ ගැන විවෘත සංවාදයකට සූදානම් – සෝභිත හිමි ගුණ සැමරුමේදී ජනපති කියයි

පසුගිය වසර තුනහමාරක කාලය තුළ සිදුවූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවෘත සංවාදයකට සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සැමරුමට අද පස්වරුවේ එක්වෙමින්.
ජනාධිපතිවරයා සිය කථාව ආරම්භ කළේ උත්සවයට පැමිණෙන ලෙසට ආරාධනාවක් සිදු නොකිරීම පිළිබඳවද සිහිපත් කරමින් වීම විශේෂත්වයක්.