සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාස 13ක සිඟිති දරුවෙකුට මත්පැන් පොවන ආකාරය ඇතුලත් වීඩියෝ දර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් පියා ඇතුලූ හතරදෙනා ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී වීඩියෝ දර්ශනයේ ඇතුළත් ජංගම දුරකථනය සහ දරුවාට මත්පැන් පෙවූ බෝතලයද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
