සිකුරාදා අධිකරණයේ පෙනී සිටින්නැයි පවුසිට නියෝග
නෙදර්ලන්ත රජය මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා පරිත්‍යාග කළ ජීප් රථයක් සිය පුද්ගලික පරිහරණය සඳහා භාවිත කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ආපදා කළමනාකරණ ඇමැති හා වත්මන් රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන 23 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පසුගිය 16වනදා නියෝග කර තිබේ.
එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
2012 වසරේ නෙදර්ලත්ත රජය මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු සඳහා පරිත්‍යාග කළ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ආපදා කළමනාකරණ ඇමැති ලෙස කටයුතු කළ වත්මන් රාජ්‍ය ඇමැති ඒ.එච්.එම් ෆවුසි මහතාට එරෙහිව අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.