විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, සිංහල රාවය, රාවනා බලය සහ සිංහ ලේ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් අද පරිසර අමාත්‍යාංශය වෙත පැමිණීයා.
එම සංවිධාන වල නියෝජිත ස්වාමින් වහන්සේලා කිහිපදෙනෙකු බත්තරමුල්ල කොබ්බෑකඩුව මාවතේ සොබා දම් පියසෙහි පිහිටි පරිසර අමාත්‍යාංශයට පැමිණියේ අද පෙරවරු 11 ට පමණයි.
පසුව උන්වහන්සේලා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම හමුවූ අතර, එම නියෝජිතයින් මේ වනවිට අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට එක්ව සිටිනවා.
මෙම සාකච්ඡාව සදහා පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේලා එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.rnrn
