Gossips

සිංහල අවුරුදු උදාව හෙට

සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් දිනයක් පමණයි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය අද දිනයේ දී, නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවාතාවුන් අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි යැයි ජ්‍යෙතිශ්‍යයේ සඳහන්.
හෙට පූර්ව භාග 7යි 45 ට පුණ්‍ය කාලය එළඹෙන අතර, ඊට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවි ජ්‍යෙතිර්වේදීන් පෙන්වා දෙනවා.
පුන්‍ය කාලය අපරභාග 8යි 33 දක්වා ක්‍රියාත්මකයි.
අලූත් අවුරුදු උදාව අපරභාග 2යි 9ට එළඹෙන සුබ මොහොතින් සිදුවනවා.
අහාර පිසීමේ නැකත උදාවන්නේ අපරභාග 2යි 42කටයි. රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තිකුළු මිශ්‍ර අග්ගලා සහ කැවුම් පිළියෙල කර ගැනීම මැනවි යනුවෙන් ජ්‍යෙතිෂ්‍යයේ සඳහන්.
අපරභාග 3.54ට රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියළු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බව ජ්‍යෙතිෂ්‍යයේ දැක්වෙනවා.
එමෙන්ම අවුරුදු සමයේ පැණි රස හා තෙල් සහිත ආහාර අනුභව කිරීමේදී සැලකිලිමත්ව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද කියා සිටියේ සංස්කෘතිකාංගයක් හේතුවෙන් අවුරුදු රස කැවිලි සුළු වශයෙන් ආහාරයට ගන්නා ලෙසයි.