Gossips

සිංහලේ ජාතික සංවිධානයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර මහතා විසින් හෙලිකළ සියළුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදුන්නා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නාමල් කුමර මහතාට එරෙහිව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ හඬපට කිහිපයක් නාමල් කුමාර මහතා මීට පෙර මාධ්‍යයට නිකුත් කළා.
අදාළ හඩ පට පිළිබද පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිල්ලක් සිදු කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
මේ අතර ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට නාමල් කුමාර මහතා හෙළි කළ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාරදුන්නේ අද පෙරවරුවේයි.