තම සංවිධානයේ භික්ෂූවහන්සේට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයේ මැති ඇමතිවරුන් කිඹුල් කඳුළු හෙළන බව සිංහලේ අපි ජාතික සංවිධානය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිංහලේ අපි ජාතික සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් ක්‍රියාත්මක කළ විරෝතධතාවකට ඊයේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල වුණා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් ලබාදී තිබුණා.
මේ අතර, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ බදු මුදල් වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළා.
