සිංහරාජ රක්‍ෂිතයේ සැරිසැරූ සුදු ගෝනෙකු අද (11) කිසියම් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.
මෙම සුදු ගෝනා සිංහරාජ රක්‍ෂිතයේ ජීවත් වූ එකම සුදු ගෝනා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අධිආරක්‍ෂිත සත්ත්වයෙකු ලෙස හැඳින්වෙන මේ සත්වයා සිංහරාජ රක්‍ෂිතය ආසන්නයේ පිහිටි තේ වත්තක වෙඩි වැදී වැටී සිටිනු දැක ඇත්තේ ප්‍රදේශවාසින් විසින්.
ඉන් අනතුරුව ඔවුන් වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
