Gossips

සිංහරාජයේ අවසන් අලි දෙදෙනා සුරක්ෂිතයි

ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතයේ සැරිසරමින් සිටි අවසන් අලි දෙදෙනාට අනතුරක් සිදුව නොමැති බවත්, ඔවුන් සුරක්ෂිතව සිටින බවත් වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.
රක්ෂිතයෙහි කොටසක් වන රජවත්ත සහ කෝපිකෑල්ල ප්‍රදේශවල පසුගිය කාලය පුරා මෙම වන අලි දෙදෙනා දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මාසයකට පමණ ආසන්න කාලයක සිට එම අලි දෙදෙනාගෙන් එක් අයෙකු අතුරුදන් වී ඇති බවටයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පරිසරවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පසුගිය දා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ එම වන අලි දෙදෙනා රක්ෂිතයේ සැරි සරන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.