Gossips

සිංහරාජයේ අවසන් අලි දෙදෙනා හොරොව්පතානට

ලෝක උරුම සිංහරාජ අඩවියේ සැරිසරන වන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තීරණය කර ඇතැයි සුරැකිමු ශ්‍රී ලංකා සංවිධානය චෝදනා කරනවා.
කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ මෙම අලි දෙදෙනා රැගෙන ගියහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කරන බවට යුනිස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවයි.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මෙම වන අලි දෙදෙනාගෙන් සිංහරාජ අඩවිය ආසන්නයේ පිහිටි ගම්මානවල ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බාධා සිදුව ඇති බවයි.
එසේම වන අලි දෙදෙනාගේ ජීවිත අනතුරට ලක්විය හැකි බැවින් අදාළ තීරණය ගෙන ඇති බව ඔහු කියා සිටියා.