සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින අලි දෙදෙනා රැඳවීම සඳහා කලවාන, පාරුගල ප්‍රදේශයේ හෙක්ටයාර 36 ක භූමියක් පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම අලි දෙදෙනා සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවුණේ එම සත්වයින් හොරොව්පතාන අලිරැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යන බවට වනජීවී අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් අලි දෙදෙනා රැඳවීමට පවරා ගන්නා කලවාන – පාරුගල ප්‍රදේශයේ අදාළ භූමිය තුළ අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකරන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ.
