Gossips

සිංගිමලේ රක්ෂිතයේ අක්කර 200 ක් ගින්නෙන් විනාශයි

හැටන් – සිංගිමලේ රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 200 ක් පමණ කොටසක් විනාශ වී තිබෙනවා.
හැටන් වන අඩවි කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු දෙකට පමණ හටගත් මෙම ගින්න කඳු රක්ෂිතයේ මුදුන දක්වා පැතිර ගොස් තිබූ බවයි.
හැටන් ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන ජල වේල්ලද එම රක්ෂිතයට පහළින් පිහිටා ඇති බවයි වාර්තාවන්නේ.
මේ වනවිට ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ ගම්වාසීන් එක්ව පැතිර යන ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.