Gossips

සිංගල් ට්‍රි කන්දේ හෝටලයක් ඉදිකිරීමට විරෝධය

නුවරඑලිය අධි සංවේදී පරිසර කලාපයක පිහිටි සිංගල් ට්‍රී කන්දෙහි අක්කර 05 ක භූමි ප්‍රමාණයක් සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට විරෝධය පළ කරමින් නුවරඑලිය නගර මධ්‍යයේ ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.
නුවරඑලිය තැපැල් කාර්යාලය අසල සිට පාගමනින් පැමිණි ඔවුන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සංදේශයක්ද භාර දුන්නා.
එහිදී නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර කියා සිටියේ 2015 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් මෙම ඉඩම අදාළ ව්‍යාපාරිකයාට ලබාදී ඇති බවයි.