රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරැකීමේ ජන පවුර සංවිධානය, සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අහෝසි කිරීම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා.
එහි නියෝජිත, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවරක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.
එම අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අත්හිටුවන ලෙස ඉල්ලා සිටින ලෙසයි.
මේ අතර රත්නපුර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල වෛද්‍යවරුන් බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී ඇය කියා සිටියේ නිදහස් අධ්‍යාපනයෙන් ප්රතිලාභ ලබා බදු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ නොහැකි බවයි.