සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් "රට සුරකින ජනපවුර" නමින් අද නව සංවිධානයක් පිහිටවනු ලැබූවා.
රටට ගැලපෙන ජාතික වෙළෙද ප්‍රතිපත්තියක් සැකසීම හා රටට අහිතකර සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කිරීම මෙම නව සංවිධානයේ අරමුණු අතර වනවා.
ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයල ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් මෙම නව සංවිධාන පිහිටවනු ලැබූවා.