සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම රටට හෙළි කරන ලෙස වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද ඉල්ලීමක් කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි විධායක සභික වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය කියා සිටියේ මෙම ගිවිසුම රටට වාසිදායක නම් එය ජනතාවට ඉදිරිපත් කළ යුතු බවයි.
රටට ගිවිසුම ඉදිරිපත් නොකර එය අත්සන් කිරීම තුළින් එහි ගැටළුවක් පවතින බව ඔහු එහිදී ප්‍රකාශ කළේ මෙම ගිවිසුම තුළින් රටේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට බලපෑමක් ඇතිවන බව සඳහන් කරමින්.
