සිංගප්පූරු වෙළඳ ගිවිසුම හරහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක බදු ආදායමක් අහිමි වන බව වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණ පෙන්වා දෙනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණට සම්බන්ධ රේගු නිලධාරින්ගේ සංගමයේ භාණ්ඩාගාරික අමිල සංජීව සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
