සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත් කළත්, ගිවිසුම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී තවත් කරුණු කිහිපයක් පිළිබඳවද මාධ්‍යවේදීන් ප්‍රශ්න යොමුකළ අතර, ඊට පිළිතුරු ලබාදීමේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලද මැදිහත්වුණා.
