Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රාජ්‍ය ඇමති හර්ෂ

ශ්‍රි ලංකා – සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් සිංගප්පූරුවේ කැළි කසළ මෙරටට රැගෙන එන බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ එවැන්නක් ගිවිසුමේ සඳහන් වී නොමැති බවයි.