Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන ජනපති කොමිසමක් ඉල්ලයි

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා.
එහි සභාපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මේ බව සඳහන් කළේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් අද පෙරවරුවේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගෙන් මාධ්‍යවේදීන් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ද ප්‍රශ්න කළා.