Gossips

සිංගප්පූරු ගිවිසුමේ සිංහල, දෙමළ පිටපත් ළඟදීම

සිංගප්පුරු වෙළඳ ගිවිසුමේ සිංහල සහ දෙමළ පිටපත් ඉදිරියේදී ජනතාව වෙත ලබාදීමට බලාපොරොත්තුවන බව ජාත්‍යන්තර වෙළඳ සහ අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
වානිජ දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම මෙම ගිවිසුමට එරෙහිව පෙත්සම් 06 ක් ද අධිකරණයට යොමු කර ඇති අතර, ඒවායේ තීන්දු ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.