Gossips

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව ජනතාව පෙළගැස්වීමට මන්ත්‍රී බන්දුල සැරසෙයි

සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම හොර රහසේ ක්‍රියාත්මක කිරීමට දරන උත්සහයට විරුද්ධව ජනතාව පෙළගස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
එළැඹෙන 7 වැනිදා ගාල්ලේදී පැවැත්වෙන මැයි දින සැමරුම පිළිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජිනය කරන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේදී පැවැත්වුණා.