නීතිවිරෝධී ලෙස රන් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ළඟ තිබී රන් බිස්කට් දෙකක් අද අලූයම ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇති බව සදහන්.
එහි වටිනාකම රුපියල් දහතුන් ලක්ෂ 60,000ක්.
සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.
(ඡායාරූප – ටි.කේ.ජි කපිල )
