Gossips

සිංගප්පූරුවේ පැවැත්වෙන ලී ක්වාන් යූ – 2018 සම්මාන උළෙලට අග්‍රාමාත්‍යවරයා එක්වෙයි

සිංගප්පූරුවේ පැවැත්වෙන ලී ක්වාන් යූ, 2018 සම්මාන උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වී තිබෙනවා.
සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ්ගේ විශේෂ ආරාධනයක් මත අග්‍රාමාත්‍යවරයා මෙම සම්මාන උළෙලට සහභාගි වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදුකළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන මෙම සම්මානය ඇමරිකානු ජාතික මහාචාර්ය රීටා රොසී කොල්වෙල්ට හිමිවී තිබෙනවා.
එමෙන්ම, මෙම උත්සවයේදී දුර දැක්ම, යහපාලනය හා නවෝත්පාදනය ඔස්සේ නගර සංවර්ධනය සඳහා පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 නගර සම්මානය හිමිව ඇත්තේ දකුණු කොරියාවේ සෝල් නගරයටයි.