Gossips

සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ හෝටලයක ආහාර විෂවීමකින් 175 දෙනෙකු රෝහල් ගත කෙරේ

සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ හෝටලයක ආහාර විෂවීමෙන් පුද්ගලයින් 175 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික පරිසර ආයතනයක් එක්ව සිදුකළ කෘෂි ආහාර හා පශු සම්පත් ප්‍රදර්ශනයකදී ලබාදුන් ආහාර මෙලෙස විෂවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ආහාර විෂවූ පුද්ගලයින් 9 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.