ඉන්දියාවේ මුම්බායි සිට සිංගප්පූරුව බලා යාමට පැමිණි ගුවන් යානයක බෝම්බයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් එම ගුවන් ගමන පැය 8 ක පමණ කාලයක් ප්රමාද වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එම අවස්ථාව වනවිට ගුවන් යානයේ මගීන් 328 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 25 දෙනෙකු සිට ඇති බවයි.
සෝදිසි මෙහෙයුම් සිදුකිරීමෙන් අනතුරුව ගුවන් යානය යළි සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කර තිබෙනවා.