සිංගප්පුරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වු විශේෂ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා.
විවාදය ආරම්භ කරමින් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි.
එය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ස්ථිර කළ අතර පසුව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ එස්.බී. දිසානායකද විවාදයට එක්වුණා.
