Gossips

සෑම වසරකම ලොව දුගී ජනතාවගේ වත්කම් අඩු වන බවට අනාවරණයක්

ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනස්කන්ධය ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් අර්ධයක ධනයට සමාන බව ඔක්ස්ෆෑම් ආයතනය ප්‍රකාශ කළා.
එම ආයතනය නිකුත්කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇත්තේ ලොව ප්‍රකෝටිපතියන්ගේ ධනය සෑම වසරකම ඩොලර් බිලියන 2.5 කින් වැඩිවන බවටයි.
එලෙසින්ම දුගී ජනතාවගේ ධනය සියයට 11 කින් අඩුවන බවද එහිදී අනාවරණ වී තිබෙනවා.
මීට පිළියම ලෙස ඔක්ස්ෆෑම් ආයතනය පෙන්වා දෙන්නේ වැඩිම ධනයක් උපයන පිරිසගෙන් අයකරන බදු වැඩි කළ යුතු බවටයි.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ජෙෆ් බෙසෝස්ගේ 2018 වසරේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 112 ක් බව සඳහන්.
එම මුදල ඉතියෝපියාවේ මිලියන 115 ක් වන ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් එරට අයවැයෙන් වෙන් කරන මුදලට සමාන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.