Gossips

සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුයි – මාලිංග

ක්‍රීඩකයන්ට ලැබෙන සෑම අවස්ථාවක්ම ඔවුන් ප්‍රයෝජනයට ගත යුතු බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළා.
දකුණු අප්‍රිකාව සමඟ ඊයේ පැවති දෙවන එක්දින තරඟය ශ්‍රී ලංකාව ලකුණු 113කින් පරාජය වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එමෙන්ම, සෑම ක්‍රීඩකයෙකුටම නිරන්තරයෙන් තරඟ කිරීමට අවස්ථාවන් උදා නොවන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, දෙරට අතර තුන් වන එක්දින තරඟය ලබන 10 වන දා ඩර්බන් හිදී පැවැත්වීමට නියමිතයි.