Gossips

සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියට ජපානයෙන් ණය ආධාර

කොළඹ – කොටුවේ සිට මාලඹේ දක්වා මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාව පළ කර තිබෙනවා.
කොළඹ නගරය සහ ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙසයි මෙම දුම්රිය මාර්ග පද්ධතිය ස්ථාපනය කෙරෙන්නේ.
කිලෝමීටර 17 ක දිගින් යුත් මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ දුම්රිය ස්ථාන 16 ක් ඉදි කෙරෙනවා.
මෙම ණය ආධාර ලබාගැනීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතියද හිමිවුණා.