Gossips

සැම නෙත් පිනවූ සමනල වැවට අද අත්ව ඇති නොසිතූ ඉරණම

පවතින වියලි කාලගුණයත් සමඟ බලන්ගොඩ සමනළ වැව සිඳී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
මේ වනවිටත් එහි ජලය සිඝ්‍රයෙන් සිඳී යමින් පවතින අතර ඔවුන් පවසන්නේ ජල පෝෂක ප්‍රදේශවල සිදුවන වන විනාශය මෙයට හේතුවී ඇති බවයි.
මේ අතර දැඩි වියලි කාලගුණය සමඟ සුන්දර සමනල වැවේ ඒ මේ අත නිදහසේ පීනා ගිය මත්ස්‍යයන් මේ වනවිට කුඩා ප්‍රදේශයක ඉතිරිව ඇති ජල ප්‍රමාණයට සීමාවී පොරබදන්නේ වියලී යන ජීවිතය රැකගැනීමටයි.
තවත් සතියක පමණ කාලයක් මෙම පවතින වියලි කාලගුණික තත්වය පැවතියහොත් සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මේ අතර ජලය සිඳී යාම හේතුවෙන් සමනල වැව ඉදිකිරීමේදී යටවූ කිංචිගුනේ විහාරස්ථානයේ චෛත්‍යයක්ද මතුවී තිබෙනවා.


(ඡායාරූප – රෝහණ වසන්ත බලංගොඩ)