අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කෙරුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
මේ අතර, අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ අවසන් ගෞරව දැක්වූවා.


































































































































































