Gossips

සැමියා මියගිය ශෝකයට බිරිඳ වස පානය කරයි

මාන්කුලම් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටියදී බෝම්බයක් පිපිරීමෙන් බරපතල තුවාල ලබා සිටි තරුණයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 25 හැවිරිදි මෙම තරුණයා මියගොස් ඇති බවයි.
පසුගිය 3 වනදා මුලතිව් මල්ලාවි මාර්ගය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරමින් සිටියදී බිම් බෝම්බයක් පිපිරීමෙන් එම ස්ථානයේදීම 28 හැවිරිදි තරුණයෙකු මරණයට පත්වුනා.
එහිදී බරපතල තුවාල ලබා සිටි අනෙක් තරුණයායි ඊයේ මියගොස් ඇත්තේ.
බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයකට අනුයුක්තව සේවය කළ තරුණයන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්වුනා.
මේ අතර වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වු තරුණයාගේ බිරිඳ ද වස පානය කිරීමෙන් අනතුරුව බරපතල තත්වයෙන් වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සැමියාගේ හදිසි වියෝව දරා ගැනීමට නොහැකිව සිත් තැවුලෙන් ඇය මෙලෙස වස පානය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
22 හැවිරිදි තරුණියගේ තත්වය බරපතල වන අතර සිද්ධිය පිළිබඳ මාන්කුලම් සහ වව්නියාව පොලිස් ස්ථාන මගින් විමර්ශණ සිදු කරනවා.