පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සැමියා බියගැන්වීමේ අරමුණින් සිරුරට භූමිතෙල් වත් කරගෙන ගිනි තබාගත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
සිය සැමියා සමග ආරවුලක් ඇතිකරගත් මෙම කාන්තාව සැමියාට පවසා ඇත්තේ තමන් ගිනි තබාගන්නා බවයි.
පසුව භූමිතෙල් සිරුරට වත්කරගෙන මුළුතැන් ගෙට ගොස් ගිනි තබාගන්නා බවට පෙන්වීමට උත්සාහ කිරීමේදී සිරුරුට ගිනි ඇවිලී අනතුර සිදුව තිබෙනවා.
බිරිඳ බේරාගැනීමට ගිය අවස්ථාවේදී සැමියාටද පිළිස්සුම් තුවාල සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පසුව දෙදෙනාම පුදිකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
